ආශිකී 2 - තුම් හි හෝ

හම් තෙරෙ බින අබ් රෙහ් නහි සක්තෙ
තේරෙ බිනා ක්යා වජුද් මෙරා//


මට දැන් ඔබ නැතිව ජීවත් වීමට නොහැක
මාගේ පැවැත්ම කුමක්ද ඔබ නැතිව

තුජ් සෙ ජුදා ගර් හෝ ජායාන්ගේ
තො කු(හ්)ද් සෙ හි හො ජායෙන්ගෙ ජුදා


මා ඔබෙන් වෙන් වුවහොත්
මා මගෙන්ම වෙන් යාවී

ක්යුකි තුම් හි හෝ
අබ් තුම් හි හෝ
සින්දගී, අබ් තුම් හි හෝ
චේන් බී, මෙරා දර්ද බී
මෙරි ආශිකී අබ් තුම් හි හෝ


කිමද ඔබම පමණයි
දැන් ඔබම පමණයි
ජීවිතේ, දැන් ඔබම පමණයි
මාගේ සැනසීමත්, මාගේ වේදනාවත්
මගෙ ආදරිය දැන් ඔබම පමණයි

තේරා මේරා රිශ්තා හෙ කේ(යි)සා
ඉක් පල් දූර් ගවාරා නහී
තේරෙ ලියෙ හර් රෝස් හෙ ජීතේ
තුජ් කො දියා මෙරා වක්ත් සබී
කොයි ලම්හා මෙරා නා හො තෙරෙ බිනා
හර් සාන්ස් පෙ නාම් තෙරා


අපගේ මේ බැදීම කෙළෙසද යත්
මොහොතක් වත් ඔබෙන් දුරස් වීමට මා අකමැතියි
සෑම දිනකම මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මාගේ සියළු කාළය ඔබ වෙනුවෙනි
ඔබ නොමැතිව මට මොහොතක් වත් ජීවත් විය නොහැක
මාගේ සෑම සුසුමකම ඔබගේ නම ලියවී ඇත

ක්යුකි තුම් හි හෝ
අබ් තුම් හි හෝ
සින්දගී, අබ් තුම් හි හෝ
චේන් බී, මෙරා දර්ද බී
මෙරි ආශිකී අබ් තුම් හි හෝ


කිමද ඔබම පමණයි
දැන් ඔබම පමණයි
ජීවිතේ, දැන් ඔබම පමණයි
මාගේ සැනසීමත්, මාගේ වේදනාවත්
මගෙ ආදරිය දැන් ඔබම පමණයි

තෙරෙ ලියේ හි ජියා මේ
කුද් කො ජො යූන් දෙ දියා හේ
තේරි වෆා නෙ මුජ් කො ස(ම්)බාලා
සාරෙ ගමූ(න්) කො දිල් සෙ නිකාලා
තෙරෙ සාත් මේරා හේ නසීබ් ජුඩා
තුජෙ පා කෙ අදූර න රහා


මා ජීවත් වුයේ ඔබ වෙනුවෙන්මයි
මා සියළු දේ දී ඇත
ඔබගේ විශ්වාසය මා රැක බලා ගත්තා
මාගේ හදවතින් සියළු දුක ඉවත් වූවා
මාගේ දෛවය ඔබ සමග වෙලී ඇත
ඔබ ලැබුනු විට, මා අසම්පූර්ණ වී නොසිටියෙමි

ක්යුකි තුම් හි හෝ
අබ් තුම් හි හෝ
සින්දගී, අබ් තුම් හි හෝ
චේන් බී, මෙරා දර්ද බී
මෙරි ආශිකී අබ් තුම් හි හෝ//


කිමද ඔබම පමණයි
දැන් ඔබම පමණයි
ජීවිතේ, දැන් ඔබම පමණයි
මාගේ සැනසීමත්, මාගේ වේදනාවත්
මගෙ ආදරිය දැන් ඔබම පමණයි

චිත්‍රපටය :- ආශිකී 2
සංගීතය :- මිතූන්
පද රචනය :- මිතූන්
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment