රොකී හැන්ඩ්සම් - රෙහ්නුමා | Rocky Handsome - Rehnuma

තූ ජෝ මිලා සබ් මිල් ගයා
දිල් කී නමාසේ ජාකේ පොහොන්චි ෆලක් සේ ආගේ
තෝ ජාකේ පායා තුජ්කෝ මේරෙ රෙහ්නුමා


ඔබ ලැබුනු විට සියල්ල ලැබුනාක් මෙනි
මගේ හදෙහි යාඥාවන් ක්ෂිතිජ ඉම කරා ලඟා වීමෙන් පසු
ඔබ මා හට ලැබුනි, මඟ පෙන්වන්නානෙනි

මුජ්කෝ මෙරා රබ් මිල් ගයා
බාහෝ සෙ ආගේ තෙරේ දුනියා නහී හේ මෙරී
රක්ලේ යහී තූ මුජ්කෝ මෙරෙ රෙහ්නුමා


මා හට මගේ දෙවියන් ලැබුනි
මගේ ලෝකය ඔබේ තුරුලේ පමණක් වේ
සෑමදා මා එලෙස තබා ගන්න මඟ පෙන්වන්නානෙනි

ජෝ නා බායේ තේරි නසර් කෝ
දේකොන්ගී නා මේ ෆිර් වෝ නසාරා
තූ ජෝ මිලේ තෝ චෝඩ් දූ(න්) කු(හ්)ද් කෝ
තුජ් මේ කහී හේ මේරා කිනාරා


ඔබේ දෑස බැලීමට අකමැති දෙයක් වේ නම්,
මා ඒ දසුන දෙස යළිත් නොබලමි කිසිදා
ඔබ මා හට ලැබුනහොත් මා මාවම අතහැර දමන්නම්
මගේ වෙරළ ඇත්තේ ඔබ තුළ කොහේ හෝ වේ

බස් තූ හී තූ මුජේ යාද් හේ
දිල් කී නමාසේ ජාකේ පොහොන්චි ෆලක් සේ ආගේ
තෝ ජාකේ පායා තුජ්කෝ මේරෙ රෙහ්නුමා


ඔබ හැර කිසිවක් මගේ මතකයට නොනැගේ
මගේ හදෙහි යාඥාවන් ක්ෂිතිජ ඉම කරා ලඟා වීමෙන් පසු
ඔබ මා හට ලැබුනි, මඟ පෙන්වන්නානෙනි

ගුස්රි හූ(න්) ජබ් සේ මේ තේරෙ දර් සේ
හස්නේ ලගී හූ(න්) කුල් කේ මේ රෙහ්බර්
දර්ද් සේ තේරේ රිෂ්තා ජුඩා තෝ
අබ් මුස්කුරාතේ හේ මේරේ මන්සර්


මා ඔබේ දොරකඩින් ඇතුළු වූ මොහොතේ සිට
මා හදවතින්ම සිනාසෙයි මඟ පෙන්වන්නානෙනි
ඔබේ වේදනාවත් සමඟ මා සම්බන්ද වූ පසු
සෑම මෙහොතක්ම සතුටින් ගෙවෙයි

රබ් කී මුජේ සෞගාත් හේ
දිල් කී නමාසේ ජාකේ පොහොන්චි ෆලක් සේ ආගේ
තෝ ජාකේ පායා තුජ්කෝ මේරෙ රෙහ්නුමා


දෙවියන් මා මත කරුණාව පා ඇත
මගේ හදෙහි යාඥාවන් ක්ෂිතිජ ඉම කරා ලඟා වීමෙන් පසු
ඔබ මා හට ලැබුනි, මඟ පෙන්වන්නානෙනි

බාහෝ සෙ ආගේ තෙරේ දුනියා නහී හේ මෙරී
රක්ලේ යහී තූ මුජ්කෝ මේරෙ රෙහ්නුමා


ඔබේ තුරුලේ මගේ ලෝකය වේ
සෑමදා මා එලෙස තබා ගන්න මඟ පෙන්වන්නානෙනි

චිත්‍රපටය :- රොකී හැන්ඩ්සම්
පද රචනය :- මනෝජ් මුන්තශීර්, සාගර් ලහෝරි
සංගීතය :- සනී බව්රා, ඉන්දර් බව්රා
ගායනය :- ශ්‍රේයා ගෝෂල්, ඉන්දර් බාව්රා
සංගීත ලේබලය :- T-Series



No comments:

Post a Comment