නීර්ජා - එ්සා ක්යු මා Neerja | "Aisa Kyun Maa"

අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ.
අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ

(හින්දි භාෂාවේ ස්වරාක්ෂර)

ක ඛ ග ඝ ඞ ච ඡ ච ඣ
ඤ ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න ප ඵ බ භ
ම ය ර ල ව

(හින්දි භාෂාවේ ගාත්‍රාක්ෂර)

අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ

ලාඩෝ

මගෙ දුවේ

උන්ග්ලි පකඩ් කේ ෆිර් සේ සික්හා දේ
ගෝදි උටා ලේ නා මා


ආචල් සෙ මේරා මුහ් පෝච් දේ නා
මේලා සා ලාගේ ජහා(න්)

අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ


මගේ ඇඟිල්ලෙන් අල්ලාගෙන නැවත මට කියා දෙන්න
මා ඔබේ උකුළේ තුරුල් කර ගෙන අම්මේ
ඔබේ සාරි පොටින් ලෝකය පිස දමන්න
එය අපිරිසිදු වී ඇතැයි පෙනේ

ආන්කේ දිකායේ මුජේ ජබ් සින්දගි
යාද් මුජේ ආති හේ තේරේ ගුස්සේ කී
ඩටා බි තෝ තුනේ මුජේ පුලො(න්) කි තරා(හ්)
ක්යු නහී මා සරී දුනියා තේරි තරා(හ්)


ජීවිතය මා දෙස දෑස් යොමු කරන විට
මට සිහියට නැගේ ඔබේ තරහව
ඔබ මා හට බැන වැදුනි මලකට මෙන් සියුම්ව
මුළු ලොවම ඔබ මෙන් නොවන්නේ ඇයිද අම්මේ

මාතා ගරම් හේ සුබහා සෙ මේරා
රක් දේ හතේලි නා මා
තුනේ කුච් කායා දේර් සේ ක්යු ආයී
කෝයී නා පූචේ යහා

අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ


මගේ හිස රත්වී ඇත උදේ සිට
ඔබේ අත තබන්න මා නළලත මත අම්මේ
මොනවහරි කෑවද? ඇයි මෙච්චර පරක්කු වෙලා එන්නේ?
මෙහිදී කවුරුත් නාසයි

හීරා කහා කබි නගීනා කහා
මුජේ ක්යු ඒ(යි)සේ පාලා තා මා
තේරි නසර් සේ මුජෙ දීකෙ නා ජහා(න්)
දුනියා කෝ තො ඩාටෙන්ගී නා ඩාටෙන්ගී නා මා
තේරි නසර් සේ මුජෙ දීකෙ නා ජහා(න්)
දුනියා කෝ තො ඩාටෙන්ගී නා ඩාටෙන්ගී නා මා


ඔබ මට දියමන්තියක් යයි කියයි මැණිකක් යැයි කියයි
ඇයි මා එපමණ ආදරයෙන් ඇති දැඩි කලේ අම්මේ
ඔබේ දෑසින් ලෝකය මා දෙස නොබලයි (ඔබ සිතන අාකාරයෙන් ලෝකය මා ගැන නොසිතයි)
ලෝකයට ඔබ බනිනවා නේද, බනිනවා නේද අම්මේ
ඔබේ දෑසින් ලෝකය මා දෙස නොබලයි
ලෝකයට ඔබ බනිනවා නේද, බනිනවා නේද අම්මේ

මුජ්කෝ ශිකායත් කර්නි හේ සබ්කි
මුජ්කෝ සතාතේ හේ මා
අබ් තු චුපා ලේ පාස් බුලා ලේ
මන් හේ අකේලා යහා


අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ

සැවොම ගැන මට පැමිණිළි කිරීමට තිබේ
ඔවුන් සැවොම මට කරදර කරනවා අම්මේ
මා සඟවා ගන්න, ඔබේ සමීපයට කැදවා ගන්න
මගේ හිතට තනිකම දැනේ මෙහිදී

ලාඩෝ

මගෙ දුවේ

චිත්‍රපටය :- නීර්ජා
පද රචනය :- ප්‍රසූන් ජෝශී
සංගීතය :- විශාල් කුරානා
ගායනය :- සුනිදි චෞහාන්
සංගීත ලේබලය :- T-Series



No comments:

Post a Comment