බජ්රන්ගි භායිජාන් - තු චාහියේ Bajrangi Bhaijaan | "Thu Chahiye" Sinhala translation with lyrics

හාල් එ දිල් කො සුකෝ(න්) චාහියේ
පූරි ඉක් ආරසූ චාහියේ
ජේ(යි)සේ පෙහ්ලේ කබි
කුච් බි චාහා නහි
වේයිසේ හි ක්යු චාහියේ
දිල් කෙ තේරි මෝජුඩ්ගි කා එහෙසාස් යූ(න්) චාහියේ


හදවතට සැනසීම උවමනා වේ
එහි ප්‍රාර්ථනා ඉටු වනු දැකීමට උවමනා වේ
මෙලෙස පෙර කිසිදින
කිසිත් උවමාන වී නැත
යළිත් එලෙස වීමට උවමනා ඇයි
හදවතට ඔබ ලග සිටීමේදී ඇතිවන හැගීම උවමනා වේ

තු චාහියේ තු චාහියේ
ශාම් ඔ සුබාහ් තු චාහියේ
තු චාහියේ තු චාහියේ
හර් මර්තබ් තු චාහියේ
ජිත්නි ඩෆා සිද් හො මේරි
උත්නි ඩෆා හා(න්) තු චාහියේ


මා ඔබව බළාපොරොත්තු වේ
දිවා කාළයේ වුවත් රාත්‍රිය වුවත් ඔබව පතයි
මා ඔබව බළාපොරොත්තු වෙයි
සෑම මොහොතකම ඔබව පතයි
මා මුරණ්ඩු වන තරමටම
මා ඔබව පතයි

කෝයි ඕර් දූජා ක්යු මුජේ නා තේරේ සිවා චාහියේ
හර් සෆර් මේ මුජේ තු හි රෙහ්නුමා චාහියේ
ජීනේ කො බස් මුජේ තු හි මෙහෙරබාන් චාහියේ
සීනෙ මේ අගර් තු දර්ද් හේ නා කොයී දවා චාහියේ
තු ලහු කි තරාහ් රගෝ(න්) මේ රාවා(න්) චාහියේ
අන්ජාම් ජො චාහේ මේරා වො ආගාස් යූන් චාහියේ


මට ඔබව හැර වෙන කිසිවෙකු උවමනා නොවේ
මාගේ සෑම ගමනකම ඔබ මාගේ මග පෙන්වන්නා ලෙස උවමනා වේ
මාගේ ජීවන සහකරු ලෙස ඔබව උවමනා වේ
ඔබ මාගේ හදෙහි වේදනාවනම් එය සුව කර ගැනීමට උවමනා නොවේ
රුහිර මෙන් ඔබ මා තුළ ගළා යාමට උවමනා වේ
මෙහි අවසන කුමක් වුවත් මෙහි ආරම්භය මෙය වීමට උවමනා වේ

තු චාහියේ තු චාහියේ
ශාම් ඔ සුබාහ් තු චාහියේ
තු චාහියේ තු චාහියේ
හර් මර්තබ් තු චාහියේ
ජිත්නි ඩෆා සිද් හො මේරි
උත්නි ඩෆා හා(න්) තු චාහියේ


මා ඔබව බළාපොරොත්තු වේ
දිවා කාළයේ වුවත් රාත්‍රිය වුවත් ඔබව පතයි
මා ඔබව බළාපොරොත්තු වෙයි
සෑම මොහොතකම ඔබව පතයි
මා මුරණ්ඩු වන තරමටම
මා ඔබව පතයි

මේරේ සක්මෝ කො තේරි චුහන් චාහියේ
මේරෙ ශම්මා කො තේරි අගන් චාහියේ
මේරේ ක්වාබ් කෙ ආශියානෙ මේ තූ චාහියේ
මේ කෝලු ජො ආන්කේ සිර්හානේ බි තු චාහියේ


මාගේ සෑම තුවාලයකටම ඔබේ පහස උවමනා වේ
මාගේ ගිණි දැල් වලට ඔබේ ගින්න උවමනා වේ
මාගේ සිහින වල ඔබ වාසය කිරීමට උවමනා වේ
මාගේ දෑස විවර කරන සෑම විටම ඔබ ඇද අද්දර සිටීය යුතුය

චිත්‍රපටය :- බජ්රන්ගි භායිජන්
සංගීතය :- ප්‍රීතම්
පද රචනය :-අමිතාබ් බතාචාර්යා
ගායනය :- අතීෆ් අස්ලම්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment